Adenanthera pavonina L.,මඩතිය

Botanical Name: Adenanthera pavonina L.,
Local / Vernacular Name:
මඩතිය (S),Red Lucky Seed, Acacia Coral(E)
Family: Fabaceae
මඩිතිය 20m පමණ උසට වර්ධනය වන අතර නයිට්‍රජන තිරකිරිමට උපකාරිවන ශාකයක් ලෙස මඩතිය ශාකය හැදින්විය හැක. චිනයේ ආදරයේ සංකේතය ලෙස මඩිතිය ඇට භාවිතා කරයි. චින භාෂාවෙන් එය xiang si douයන නාමයෙන් හදුන්වයි. මල් පිපීම මාර්තු මාසයේ ආරම්භ වන අතර මල් වල වර්ණ විපර්්‍යාසය  සිත් ඇදගන්නා සුළුය.මල් පිපෙන විට ලා සුදු පැහැති ක්‍රීම් පැහැයෙන් යුක්ත වන අතර කල් යත්ම එම පැහැය කහ පැහැයට හැරෙයි.ඒසේ වර්ණ විපර්්‍යාසය සිදුවන්නේ ද ඒකාෂයේ පාදය පැත්තේ සිට ඒකාෂයේ අග දක්වයි. අතිසාරයට ප්‍රතිකාර කිරිමට මෙන්ම පරම්පරික වෙදකමේදි මඩතිය පත්‍ර හා කද කෂාය සැදිමට යොදාගෙන ඇති අතර මඩතිය ඇට බර මැණිමේ දර්ශකයක් ලෙසද අතිතයේ භාවිතා කර ඇත.












Comments