Aristolochia indica L. ,සප්සද,සනන්ද,සර්ප සොඩ

Botanical Name: Aristolochia indica L.
Local / Vernacular Name:සප්සද,සනන්ද,සර්ප සොඩ(S) ,Indian brrthwort(E),
Family Aristolochiaceae
ජන වහර තුල සප්සද ලෙස ජනප්‍රිය වී ඇති අතර .පාදය කාෂ්ඨිය වන බහුවාර්ෂික පැලෑටියකි.සරල එකාන්තර පත්‍ර වින්‍යාසයක් දරයි.මල් පිපීම සැප්තැම්බර් මස සිට ජනවාරි දක්ව කාලය තුල සිදුවෙයි.පහතරට ප්‍රදේශයන්හි දැකගත හැකිය.
ඖෂධීය භාවිතයන්..
මුල් - මුල් වලින් සාදාගන්නා පානය තිත්ත රසයෙන්(කසට)යුක්ත නමුත් වෙදකමේදිනම් ශක්තිජනක පානයක් ලෙස භාවිතා කරයි.මුල් වලින් සාදාගන්නා චුර්ණය() මී පැණි සමග මිශ්‍ර කර උදර රෝගසදහා,බොහෝ කල් පැවතගෙන එන(නිදන් ගත) මන්දාග්නිය සදහා ප්‍රතිකාර කිරිමට යොදාගනි.
පත්‍ර -උල්පත් ජලය සමග යොදා සාදාගන්නා ඔසු දරුණු ලෙස නිදන්ගතව පැවති වාතරක්තය්ට ප්‍රතිකාර කිරිමට යොදාගනි









Comments