Genus: Bridelia

Genus: Bridelia
මෙම ගණයට අයත් ශාක විශේෂ තුනක් අප රට තුල හමුවන අතර,2012 රතු දත්ත පොතට අනුව Bridelia moonii (පත් කෑල) , Bridelia retusa(කැටකෑල) යන ශාක අඩු තැකිමක් දක්වන විශේෂ ලෙසද, Bridelia stipularis අන්තරායට ලක් වු හෝ ඇතැම් විට වදවි ඇති ශාක විශේෂයක් ලෙස සදහන් කර ඇත. මෙම විශේෂ තුන වෙන්කර හදුනාගත හැකි ප්‍රධාන ක්‍රමය වන්නේ පත්‍රවල පිහිටන පාර්ශ්වික නාරටි යුගල් ගණනයි.එනම් ,
                                         Bridelia moonii (පත් කෑල) ශාක පත්‍රයේ පාර්ශ්වික නාරටි යුගල් 11-15 ක් ඇති අතර Bridelia retusa(කැටකෑල) ශාක පත්‍රයේ පාර්ශ්වික නාරටි යුගල් 16-20 ක් ද Bridelia stipularis  ශාක පත්‍රයේ පාර්ශ්වික නාරටි යුගල් 5-6 ක් ද පිහිටා ඇත.Bridelia retusa (කැටකෑල) , සහ Bridelia stipularis  ශාක වල ස්ත්‍රී සහ පුරුෂ ලෙස  පුෂ්ප එකම ශාකයේ අතු වල හටගනි. නමුත් Bridelia moonii (පත් කෑල) ශාකයේ ස්ත්‍රී සහ පුරුෂ ලෙස ශාක වෙන් වෙන්ව පිහිටයි






Comments