Genus-Strobilanthes

Genus-Strobilanthes
ජන වහරේදි Strobilanthes විශේෂ සියල්ල පොදුවේ නෙලු ලෙස හදුන්වයි ඉංග්රීhසි බසින් Strobilanthes ලෙස හදුන්වයි. නෙලු ශාක උද්භිත විද්යායත්මිකව “ඒකවාර ඵලීන” ලෙස හදුන්වයි.
ශ්රිය ලංකාව,ඉන්දියාව ඇතුලු තවත් ආසියාති ක රටවල් කිපයක හමුවන අතර Strobilanthes ගණයට විශේෂ 300ක් පමණ අයත් වන අතර එයින් විශේෂ 150ක්ම ඉන්දිය උප මහත්විපය තුල හමුවෙයි. විශේෂ 31 ශ්රින ලංකාව තුල වාර්තාවන බවත් එයින් විශේෂ 26ක් ම අප රටට ආවේණික බවත් 2012 රතු දත්ත පොතේ සදහන් වෙයි. මේ අතුරුන් Strobilanthes විශේෂන් 4ක් අතිශයින්ම දුර්ලභ විශේෂයන් වෙයි.
ජාතික ස සංරක්ෂණ තත්වය Strobilanthes විශේෂ ගණන
න්යේෂ්ඨ වු 1
අන්තරායට ලක් විමේ අවධානම සහිත
ඇතැම් විට න්ය ෂ්ඨ වි ඇති 6
නුදුරු අනාගතයේ අන්තරායට ලක් විය හැකි 1
තරජනයට ලක් වී ඇති 2
අන්තරායට ලක් වීමේ අවදානම සහිත 5
අන්තරායට ලක් වු 8
අඩු තැකිමක් සහිත 7
පොදුවේ ගත් කළ කද චතුරස්රාවකාර ලෙස වර්ධනය වෙයි.පත්ර ප්රුතිමුඛ යුගල ලෙස පිහිටන නමුත් ප්රtමාණයෙන් නම් ඒක හා සම නොවෙයි.එවා වෘන්ත සහිත හො රහිත විය හැක. පුෂ්පමංජරියන් විශාල විවිධත්වයක් දරයි. නෙලු විශේෂ වර්ගීකරණයේදි සලකා බලනු ලබන ප්රිධානතම සාධකය වනුයේ පුෂ්පයන් හි ලක්ෂණයන්ය. නෙලු විශේෂයන් හි පුෂ්පයන් දම් , නිල් , කහ , රෝස , සුදු, රතු යන වර්ණයන්ගෙන් යුක්ත වෙයි.
නෙළු පදුරු වර්ධනය විමේදි විශාල ප්ර දේශයක් පුරා වර්ධනය වන අතර එසේ වර්ධනය විමේදි එක් Strobilanthes විශේෂයක් පමණක් නොව Strobilanthes විශේෂයන් කිහිපයක් ඒකට වර්ධනය වෙයි.පොදුවේ ගත් කළ ඒම විශේෂයන් නම් S. viscosa, S. lupulina, S. calycina and S. sexennis නමුත් S. walkeri, S. anceps, S. amottiana, S. vestita, S. hookeri, S. laxa, S.pulcherrim යන විශේෂයන් ඒසේ වනාන්තරයක් තුල වර්ධනය විමක් නොපෙන්වයි.
නෙලු ශාකයේ වර්ධනය ඉතා සුවිශේෂි රටාවකින් යුක්ත වෙයි.ශාක වර්ධනය වි මල් හටගෙන ඵල දැරිමට වසර 8-11 අතර කාලයක් ගතවෙයි.මල් හටගැනිම සිදුවන්නේ එක් වරක් පමණක් වන අතර ඵල හටගැණිමෙන් පසු ශාකය මියයෑම සිදුවෙයි.නි‍යමිත කාලය තුලදි ඵල මෝරා පිපිරිම මගින් ව්යාමප්තිය සිදුවෙයි.මෙම Strobilanthes විශේෂයන් හි පුෂ්ප වල අධික මධු නිසා මී මැස්සන් හා බබරුන් මල් පිපෙන කාලයට එම පරිසරයේ ඉතා අධික වෙයි.
ඊට අමතරව මෙහි බිජ වළිකුකුළන්ගේ මෙන්ම කුරුල්ලන්ගේ ප්රි යතම ආහාරයකි.ඒසේ නෙලු බිජ වලට දැඩි ඇල්මක් දැක්විම හේතුවෙන් අධික ලෙස ආහාරයට ගැනිම හේතුවෙන් වළිකුකුළන් කලු උකුස්සා(Black Eagel) හා කෑලෑ බළළාගේ(Jungel Cat) ගොදුරක් බවට පත්විම ද සිදුවෙයි.
නෙලු ශාකයන් පිළිබදව කතා කිරිමේදි මහ ඒළිය තැන්න(Horton Plains) වනාන්තරයෙන් තොරව ඒ පිළිබදව කතා කළ නොහැකි තරම්ය.ඒනම් මහ එළිය තැන්නේ ,තොටුපල කන්ද(ලංකාවේ දෙවනියට උසම කන්ද) සහ කිරිගල් පොත්ත(ලංකාවේ තෙවනුව උසම කන්ද) ආශ්රිතතවද මෙසේ නෙලු ශාකයන් හි වසර 12කට වරක් මල් විකසිත විම පළමුව වාර්තා කර ඇත්තේ ඇත්තේ ලංකාවට පැමිණි විදේශිය ජාතිකයකු වන Thomas Farrවිසිනි. ඔහු එම සිදුවිම ඒනම් 1881 දිය.එ ඔහු 1893 සහ 1905 වර්ෂයන්හිද නිරික්ෂණය කර ඇත. ඔහු 1912 දි අප රටින් පිටත්ව ගිය නමුත් පේන කියන්නාක් මෙන් අනාවැකියක් පළ කොට යන ලදි,එම අනාවැකිය නම් 1917 දි නැවත වරක් මෙම නෙළු ශාකයන් හි මල් පිපිම 1917 සිදුවන බවය.නැවත ඒම අසිරිමත් නෙළු මල් පිපිම අප හට දැකගත හැකි වනුයේ 2024 වර්ෂයේ දිය.




Comments