Campnosperma zeylanicum Thw ,ආරිද්ද (S)

Botanical Name: Campnosperma zeylanicum Thw.,
Local / Vernacular Name:ආරිද්ද (S)
Family:
Anacardiaceae
ආරිද්ද ලෙස ජන වහරේ හදුන්වයි. 30m  පමණ උසට වර්ධනය වන අතර තෙත් කලාපිය වනාන්තර තුල දැකගත හැක.ආරිද්ද ශාකය 2012 රතු දත්ත පොතට අනුව අඩු තැකිමක් දක්වන ශාක විශේෂයක් ලෙස නම් කර ඇත.පත්‍ර තලය මතුපිට දිලිසෙන අතර පත්‍රයේ යටි පැත්ත රත්‍රන් පැහැය ගනි. පත්‍ර අතු අග රොක් වී පිහිටයි. පුෂ්ප ඉතා කුඩා වන අතර කොළ පැහැයට හුරු පැහැයක් ගනි.පිරිමි සහ ගැහැණු පුෂ්ප වෙන්වෙන්ව හටගනි.මල් පිපිම මාර්තු-අප්‍රේල් මාසයන්හි දි සිදුවෙයි. මෙම ශාකයේ දැව සැහැල්ලු ඉදිකිරිම් සදහා මෙන්ම තේ පෙට්ටි තැනිම් සදහා භාවිතා කරයි.






Comments