Toddalia asiatica (L.) Lam.

Botanical Name:Toddalia asiatica
Family : Rutaceae
Toddalia  ඝණය යටතේ අප රටින් හමුවන එකම විශේෂය වන්නේ මෙයයි.ශාක කුලයට අයත් වෙයි. ජන වහර තුල කුඩු මිරිස් ලෙස හදුන්වයි.සිත් ගන්නාසුලු කරුනු නම් මේම කුඩුමිරිස්ස (Toddalia asiatica) හි කදුරට සහ පහතරට ලෙස ප්‍රරබේදයන් දෙකක් පැවතිම සහ පිරිමි ,ගැහැණු ලෙස වැල් වර්ග වෙන් වෙන්ව පිහිටයි.මෙහි දැක්වෙන්නේ පහතරට ප්‍රරබේදයයි. තවත් සුවිශේෂි ලක්ෂණයක්  වන්නේ Common Mormon,Red Helen, Banded Peacock යන සමනලුන්ගේ යැපුම්  කුඩා වැල් වර්ගයක් විමයි.


                  කුඩුමිරිස් ශාකයේ සෑම කොටසක්ම තිත්තයඑය ශක්තිය වඩන ගුණ සහිත ශාකයක් සේ සැලකේකුඩුමිරිස් තිත්තයඌෂ්ණයවා සෙම් නසයිකුසගිනි වඩවයිඅතීසාරඉදිමුම්වණ හා උණ සමනය කරයිශරීරයේ අප්‍රාණික ස්වභාවය පහ කිරීමට සමත්යලේ වහනය නැවැත්වීමටසර්ප විෂටතැල්මටතුවාලවලටහා කැඩුම් බිඳුම්වලට භාවිතා කෙරෙන තෙල් හා ආලේපන සෑදීමේදී කුඩුමිරිස් අමුද්‍රව්‍යයක් සේ යොදා ගැනේතවද මැලේරියාවරක්තවාතයඋදරාබාධදත් කැක්කුම ආදී රෝග රැසක් සඳහා ද ප්‍රතිකාර කිරීමට කුඩුමිරිස්ස ශාකයේ කොළමුල් සහ සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගනී .අපගේ පාරම්පරික කැඩුම් බිදුම් වට්ටෝරු වල කුඩුමිරිස්ස යෙදේ. ( කුඩුමිරිස්ස -Toddalia asiatica වල ඖෂධිය වටිනාකම පිළිබද තොරතුරු ලබා දුන් බණ්ඩාර වරකාගොඩ මහතාට මාගේ ස්තුතිය )












Comments